Monday, April 12, 2021

Coronavirus

අවුරුදු සමයේ විශේෂ මෙහෙයුමක්

අවුරුදු සමයේ කෝවිඩ් රෝගය පැතිර යාම වළක්වා ගැනීම සහ රිය අනතුරු වලක්වා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

BUSINESS

කඩා වැටී ඇති බතික් කර්මාන්තය නැවත නගා සිටුවීමට රජය කටයුතු කරනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

ලොරි පිටින් මෙරටට ගෙන්වන පිටරට ඇඳුම් හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ට ඉඩක් ලැබී නොමැති බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය. ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප […]

ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ විදේශිකයින්ට මිලදී ගැනීමට අවශ්‍ය වෙළඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කරනවා – සංචාරක ඇමති

විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙළඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරිම තුළින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොළඹ දී පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුව අමතමින් අමාත්‍යවරයා සඳහන්කළේ ජාත්‍යන්තර වෙළඳපලේ ශ්‍රී ලංකාවේ මැණික් සහ […]

World

පිලිප් කුමරුගේ අවසන් ගමන

දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එම කටයුතු රූපවාහිනය ඔස්සේ සජීවීව විකාශණය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ මෙම අවමංගල්‍ය උත්සවය සාමාන්‍ය රාජකීය අවමංගල්‍ය උත්සවයකට වඩා චාරිත්‍රාණුකූල අවමංගල්‍ය උත්සවයක් බවට පත් කරුනු ඇති බවයි.  පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට නියමිතව […]

පරිත්‍යාග ලෙස චීනය ලබාදෙන COVID-19 එන්නත් තොගය පිලිපීනයට

පරිත්‍යාග ලෙස චීනය ලබා දෙන COVID-19 එන්නත් තොගය පිලිපීනයට ළඟා වේ.චීනය පරිත්‍යාග කළ එන්නත් තොගයක් පිලිපීනයේ මැනිලා නුවරට ලඟා වී ඇත. එම එන්නත් තොගය නිෂ්පාදනය කර ඇත්තේ චීනයේ බෙයිජිං Sinovac life science සමාගම විසිනි. එය පිලිපීනය ලබාගත් ප්‍රථම එන්නත් තොගයයි. එරට ජනාධිපති Rodrigo Roa Duterte මහතා සහ පිලිපීනයේ සිටින චීන තානාපති Huang Xilian මහතා ගුවන් […]

මාධ්‍යවේදි ජමාල් කෂෝගිගේ ඝාතනය පිටුපස සෞදි ඔටුන්න හිමි කුමරු

2018 වසරේදී සෞදි මාධ්‍යවේදියෙකු වන ජමාල් කශෝගි ඝාතනය කිරීමට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අනුමත කළ බව ඇමරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් සොයාගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් ‘කශෝගි අල්ලා ගැනීමට හෝ මරා දැමීමට’ සෞදියේ ඔටුන්න හිමි කුමරු අනුමත කළ බව සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Close Bitnami banner
Bitnami