දඹුල්ල වයිකින්ස් කළින්ම අවසන් පූර්ව වරම් ලබයි

Sports

රැක ගත යුතුම උඩ පන්දු 4 ක් ගිලිහී ගියද අන්වර් අලී ප්‍රධාන පන්දු යවන්නන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර් පිලට පිට පිටම පස්වැනි පරාජයත් අත්කර දීමට දඹුල්ල වයිකින්ස් ක්‍රීඩකයෝ අද (05 දා) සමත්වූහ. ලකුණු 208 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 198 කට සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නන් සමත්වද්දී තරග 5 කදී ජයග්‍රහණ 4 ක් සමඟින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීමට දසුන් ශානකගේ නායකත්වනේ යුතු දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. (Sourcce – Sri Lanka Cricket)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *