LPL හැඩ කරන එකම පවුලේ සොහොයුරන් සිව් යුගල

Sports

LPL තරගාවලිය සඳහා එකම පවුලේ සොහොයුරන් සිව් යුගලක් තරගාවලිය නියෝජනය කිරීමද බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන කරුණක් බවට පත්ව තිබේ. ක්‍රිකට් පිටියේදී සොහොයුරන් යුගලක් එකම කණ්ඩායමකට ක්‍රීඩා කිරීම සාමාන්‍ය කරුණක්. එහෙත් මේ තරගාවලියේ ඇති විශේෂත්වයක් බවට පත්ව තිබෙන්නේ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට අමතරව තරග තීරක මඩුල්ලේ සහ විනිසුරු මඩුල්ලේද එවැනි යුගලයන් ද්විත්වයක් කටයුතු කිරීමයි.

වනිඳු හසරංග ද සිල්වා සහ චතුරංග ද සිල්වා එක් සොහොයුරන් යුගලයක් වන අතර ජාතික වරම් දිනා සිටින විශ්ව ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙක් සොහොයුරන් යුගලය වේ. මේ අතර කලක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ වෙන්ඩල් ලැබ්‍රෝයි තරග තීරක මඩුල්ල නියෝජනය කරමින් මෙම තරගාවලියේදී දෙසොහොයුරන් ලෙසින් කටයුතු කරන අතර රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි විනිසුරු මඬුල්ල නියෝජනය කරමින් මෙම ඓතිහාසික තරගාවලියට දායකත්වය ලබා දෙති. (Sourcce – Sri Lanka Cricket)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *