ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අද (‍2020 දෙසැම්බර් 9) අභිමානවත්ව සමරයි

Featured

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අද (‍2020 දෙසැම්බර් 9) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1729ක් අද දින ( 09) ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි.

එමෙන්ම නාවික හමුදාධිපතිතුමන්ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 70 වන සංවත්සරයට සමගාමීව, මෙවර “මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 09 වන දින සිට 13 වන දින දක්වා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා පෙළ සංදර්ශනයක් පවත්වමින් නෞකාවන්ගේ හැකියාවන් සහ භාවිතය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටද කටයුතු සූදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *