බ්‍රිතාන්‍යය වැසියන්ට අද සිට කොරෝනා එන්නත

World

 අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ , කෙරෝනා මර්දන එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ ය.

මෙම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයයි.

පසුගිය මාර්තු මාසයේදී ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ, ලොව පුරා රටවල් බොහෝමයක පර්යේෂකයින් ද කොරෝනා සඳහා ඵලදායී එන්නතක් සොයන පසුබිමකදීයී

සායනික මට්ටමේදී රටවල් කිහිපයක පුද්ගලයින් 44000 ක් පමණ යොදාගෙන මෙම එන්නතේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කෙරිණ.

එහිදී තහවුරු වූයේ කොරෝනා මර්දනය සඳහා 95% ක ඵලදායීතාවක් ඇති බවයි.

බ්‍රිතාන්‍ය තුළ මෙම එන්නත ලබා දීමේදී වයස අවුරුදු 80 ඉක්මවූ වැඩිහිටියන්, සෞඛ්‍ය සේවකයින්ට සහ වැඩි අවදානම් සහිත පිරිස් සඳහා ලබා දීමට තීරණය කොට තිබේ.

බ්‍රිතන්‍යයේ සමස්ත ජනගහණය මිලියන 67 ක් වන අතර ඔවුන් මිලියන 40 කෙරෝනා එන්නත් තොගයක් අදාළ සමාගම්වලින් ඇනවුම් කිරීම විශේෂත්වයකි.

අදාළ සමාගම් පෙන්වා දෙන්නේ එක් අයෙකුට ඒන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දීමෙන් සති තුනකට පසුව දෙවැනි මාත්‍රාව ඒන්නත් කළ යුතු බව ද ඒම සමාගම් පෙන්වා දෙයි.

අදින් ආරම්භ වන සතියක කාළය තුල ලක්ෂ 8 ක පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි.

මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරටයා සඳහන් කළේ, මෙම ඒන්නත ලබා දීම හැරයීම් ලක්ෂයක් සනිහිටුවන් කරන බවයි.

ඒන්නත ලබා දීම මත වෛරසයේ අවසානය සනිහිටුවන් නොවන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

මේ වන විට බ්‍රිතාන්‍ය කොරෝනා හේතුවෙන් වැඩිම බළපෑමට පත් රටවල් ලැයිස්තුවේ , 7 වන ස්ථානයේ පසු වේ.

නවතම වාර්තා පෙන්වා දෙන්නේ ඒරටින් කොරෝනා ආසාදිතයින් 17 ලක්ෂ 37,960 ක් සහ කොරෝනා මරණ 61 434 ක් වාර්තා වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *