ඊශ්‍රායල කොරෝනා එන්නත් පෝළිමේ මුල් තැන අගමැතිට

World

ඊශ්‍රාලය ඇනවුම් කළ ෆයිසර් සහ බයෝඒන්ටෙක් සමගම් එක්ව නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නතේ පළමු ‌තොගය අද එරටට ළඟා වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඒ සම්බන්ධව සිය සතුට පළ කරමින් පවසා ඇත්තේ කොරෝනා වසංගතයේ අවසානයක් පෙනේනට ඇති බවයි.

තවද ඊශ්‍රායලයේ එන්නත ලබා ගත් පළමු පුද්ගලයා වීමට තමා අදහස් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

පළමු අදියරේදී, සෞඛ්‍ය සේවයින්, වැඩිහිටියන් සහ අවදානම් සහිත පුද්ගලයින්ට මෙම එන්නත ලබා දීමට නියමිතයි.

අදාළ එන්නත් තොගය මේ වන විට, ගබඩා කිරීම සඳහා ප්‍රවාහනය කටයුතු ආරම්භ කර තිබේ.

ඊශ්‍රායලයෙන් කොරෝනා ආසාදිතයින් 348,948 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,932කි.

මේ අතර පසුගියදා බ්‍රිතාන්‍ය එරට කොරෝනා එන්නත් වැඩසටහන ආරම්භ කළ අතර කැනඩාව ද මේ වනවිට එන්නත සඳහා අනුමැතිය දී අවසන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *