පළමු පාසල් වාරය සඳහා අද (11) යළි පාසල් විවෘත කළ පළමු දිනයේ සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම සියයට 51 ක් ලෙස වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කරයි

Sri Lanka

අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගුරුවරුන්ගේ සමස්ත පැමිණීම 88% ක් වන බවය.2021 වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වු අතර, ඒ 02 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පමණි.අද බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් පමණක් විවෘත කෙරිණි.ඇඳහැලෙන අධික වැසි මැද වුව ද උතුරුමැද පළාතේ දරු දැරියන් උනන්දුවෙන් පාසල් වෙත පැමිණ තිබුණි.මේ අතර ඇතැම් පාසල් ආශ්‍රිතව දුරස්ථභාවය ආරක්ෂා නොකරගත් පාසල් ගුරුවරුන් පිරිසකට පොලීසිය අවවාද කරනු ද දක්නට ලැබුණි.සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ආකාරය පිළබඳ සෞඛ්‍ය බලධාරීන් විසින් ඇතැම් පාසල් දැනුවත් කරනු ලැබීය.මේ අතර පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ මව්පියන් පාසල් වේලාව අතරතුරම තම දරුවන් ආපසු රැගෙන යාමට කටයුතු කළේය.ඒ මදුරන්කුලිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් පිරිසකගේ දරුවන් එම පාසලට පැමිණිම හේතුවෙනි.මේ අතර නැගෙනහිර පළාතේ පාසල් 32ක් අද විවෘත නොකෙරුණු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළාය.ඒ සැලකිය යුතු කොවිඩ් ව්‍යාප්ති තත්ත්වයක් පැවතීම හේතුවෙනි.එමෙන්ම කොවිඩ් -19 ශීඝ්‍ර ව්‍යාප්තියක් හඳුනාගැනීම නිසා වව්නියාව නගරයේ ප්‍රධාන පාසල් 7ක් අද විවෘත නොවීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *