ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩාංගණයේ සිට වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර

Sports Sri Lanka

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ක්‍රීඩාංගණයේ සිට ආවරණය සඳහා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ඉඩ සලසන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

මාධ්‍යවේදීන්ට මෙම තරගය අවරණය කිරීමට අවස්ථාව නොලැබීම පිළිබඳව බොහෝ දෙනෙකු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා තිබුණි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍යවේදීන් එක් කර නොගන්නා ලෙස ඉල්ලීමක් කර අති බවයි.

ඒ පිළිබඳව මෙරට ප්‍රවීණ පුවත්පත් ක්‍රීඩා වාර්තාකරුවෙකු වන රෙක්ස් ක්ලෙමන්ටයින් මහතා එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් කර තිබු විමසීමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ එවැනි කිසිදු ඉල්ලීමක් තම ආයතනය සිදු කර නොමැති බවයි.

එම තීරණයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය ක්ලෙමන්ටයින් මහතා වෙත සඳහන් කර තිබුණි.

මේ ගැන දැනුවත් වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දන්වා ඇත්තේ දෙවැනි තරගය ආවරණයට ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ඉඩ සලසන ලෙසය.

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය ලබන 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.

(Source : NewsFirst)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *