covid 19 update

ඊයේ දිනට දිස්ත්‍රික්ක 25 න් ම කොවිඩ් ආසාදිතයන් හමුවිය

Coronavirus

ඊයේ දිනයේදි ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25 න්ම  කොවිඩ් ආසාදිතයන් වාර්තාවී ඇතැයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතිකක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ කොවිඩ් ආසාදිතයන් 887 න් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වේ.එය 337කි

ගම්පහ 136ක්, කලුතර 71ක්, මාතලේ 51ක්, මහනුවර 49ක්, ගාල්ලේ 47ක්, කුරුණෑගල 33ක්, අම්පාරේ 29ක් සහ රත්නපුර 25ක්ලෙස ආසාදිතයන් වාර්තා වී තිබුණා.

පොළොන්නරුවේ 21ක්, මාතර 19ක්, මඩකලපුවේ 11ක්, අනුරාධපුර 07ක්, කිළිනොච්චි 06ක්, ත්‍රිකුණාමලයේ 06ක් ද ඊයේආසාදිතයන් අතර වනවා.

කෑගල්ලේ 04ක්, වව්නියාවේ 04ක් මෙන්ම යාපනය, මුලතිවු, පුත්තලම හා මොණරාගල දිස්ත්‍රික්වල 03 දෙනා බැගින්ද බදුල්ලේදෙදෙනෙකුද, නුවරඑළිය, හම්බන්තොට, මන්නාරම දිස්ත්‍රික්වල එක් ආසාධිතයා බැගින්ද ඊට අයත් වේ

තවද විදේශයන්ගෙන් පැමිණි 14 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතරට අයත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *