ඉක්මනින්ම අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ගෙන්වන්නට නොහැකි වුවහොත් ඉදිරියට භයානක තත්වයක්-රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය

Coronavirus

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවන පරිදි පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරන්නේ “අද බස්නාහිරෙන් හමුවන රෝගින් සංඛ්‍යාව 50%කට විතර අඩු වෙලා තිබුණද  මීට මාසෙකට විතර පෙර දෛනික රෝගින් ප්‍රමාණය අනිත් පළාත් වලින් 15%ක් විතර වාර්තා විම දක්නට ලැබුණු බවත්ය.එහෙත් මෙ වන විට ඒක 50% දක්වා වැඩි වෙලා තියෙනවා. මෙයින් අපට පැහැදිලිවම පෙනෙන්නට ඇත්තේ දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25ම රෝගීන් දෛනිකව හමුවෙන තැනට අපි ගමන් කරලා තියෙනවා ඒ තුළ අපි අසාර්ථක වෙලා තියෙනවා .යම් මට්ටමකින් රටක් විදියට බස්නාහිර කේන්ද්‍රගතවෙලා තියෙන අවදානම එතන කළමනාකරණය කරලා සමස්ථ රට පුරා ව්‍යාප්තවන එක වලක්වන්න අපට බැරි වෙලා තියෙනවා.ඒ නිසා ඊයේ දිනට පමණක් රට පුරා රෝගීන් 800ක් වාර්තා වුණා නම් අපිට පෙන්නේ ඒ රෝගීන් 800 පමණයි.නමුත් මහජන සෞඛ්‍ය පද්ධතියට 800ක් ලෙස ගන්න පුළුවන් කමක් නැ.මොකද මේ 800ය ආශ්‍රිතව තවත් ආශ්‍රිතයින් බිහි වෙනවා. ප්‍රශ්ණ තිබුණා වුනත් මේ මොහොතෙදී අපේ රටේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ, හැකි හැම මොහොතෙදී හැකි ඉක්මනින් එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගන්න කියන කාරණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *