covid 19 update

ඊයේ දිනයේ (22)කොවිඩ් ආසාධිතයන් හමුවු ප්‍රදේශ👇

Coronavirus

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන පරිදි කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු ඊයේ (22) දිනය තුළ පමණක් අලුතින් හඳුනාගෙන ඇත.

එයින්  03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය අයවලුන්ය.

ඉතිරි පුද්ගලයින් 784 දෙනා දේශීයව හඳුනාගත් ආසාධිතයන් ලෙස වාර්තා වේ. 

ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 139 කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක් ලෙස වාර්තා වී තිබේ. 

අනෙක් ආසාදිතයින් 436 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 56,862කි.

ඉන් පුද්ගලයින් 48,616 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත. 

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,968 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ වනවිට මෙරට තුළ සිදුවී ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 278 කි.

නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

ගම්පහ – 139

මහනුවර – 108

කොළඹ – 101

කළුතර – 66

කුරුණෑගල – 65

ගාල්ල – 61

මාතලේ – 45

රත්නපුර – 39

මාතර – 23

අම්පාර – 18

හම්බන්තොට – 14

මඩකලපුව – 14

මොණරාගල – 11

නුවරඑළිය – 11

පුත්තලම – 11

කිලිනොච්චිය – 10

යාපනය – 10

කෑගල්ල – 08

පොළොන්නරුව – 07

මන්නාරම – 06

වව්නියාව – 05

මුලතිව් – 04

බදුල්ල- 03

අනුරාධපුර – 03

ත්‍රීකුණාමලය – 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *