ප්‍රසිද්ධියේ ධම්මික පැනිය පානය කල ඇමති පවිත්‍රාටත් කොරෝනා

Coronavirus Featured Sri Lanka

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග මගින් තහවුරු වී තිබෙන බව BBC සිංහල සේවය පවසනවා. එසේ වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත්තේ සිදු කල රැපිඩ් ඇන්ටිජන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් මගිනි.

වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද ඊයේ(22) සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවස තුල නිරෝධායනය වීමට ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇති බවයි BBC සිංහල සේවය සඳහන් කරන්නේ.

නමුත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිවක් නිවේදනය කර නැහැ.

ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පසුගිය දිනවලදී, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිෂ්පාදිත ‘ධම්මික පැණිය’ ප්‍රසිද්ධියේ පානය කල අතර ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන එලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් අනුව “විශ්ව ශක්තියෙන්” බල ගැන්වූ බව පැවසෙන පැන් පිරවූ මුට්ටි ගංගා වලට මුදාහැරීමට ද කටයුතු කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *