මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9 කට කොවිඩ්.

Coronavirus

මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු  PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේය. .එහි තවත් සහෝදර පියතුමන්ලා 50ක් පමණ ඉගෙනුම ලබන බවත් ඔවුන්ගෙත් PCR පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මුඛ ආවරණ නොමැතිව සැරිසරමින් සිටි පුද්ගලයින් 30 දෙනෙකු හට කරන ලද පරීක්ෂණවලදී යාචකයින් 4ක් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.අමතරව තවත් 2 දෙනෙකු ද හඳුනා ගනු ලැබිය.

තවද උසාවි සංකීර්ණයේ සිදුකළ PCR 302ක් තුළින් මේ වනවිට රෝගීන් 5 දෙනෙක් ආසාධිත බව තහවුරැ කර ඇත. මේ තත්ත්වය නිසා පිරිස ගැවසෙන ස්ථානවලට යෑමේදී ජනතාව තවදුරටත් ප්‍රවේසම් විය යුතු බව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *