යුක්රේන සංචාරයකයින් 320 ක් අදත් (02) දිවයිනට.

Sri Lanka Travel

යුක්රේනයේ සිට සංචාරකයින් 320 දෙනකු රැගත් ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555දරණ ගුවන් යානය සහ යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 6385 දරණ ගුවන් යානා මත්තල ගුවන් තොටුපලින් අද (02) දිවයිනට පැමිණි බව ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන්කර ඇත.

පස්වරුවේ මොවුන් දිවයිනට පැමිණිමෙන් පසු මින් පෙර පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකු නැවත එම ගුවන් යානා වලින්ම යුක්රේනය බලා පිටව ගොස් ඇත.

මෙරටට පැමිණි 14 වන සහ 15 වන යුක්රේන සංචාරක කණ්ඩායම වන මොවුන් හෝටල් කරා රැගෙනයාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *