පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු ගාල්ලේ පාසල් ළමුන් 95කට කොරෝනා

Coronavirus Education Featured Sri Lanka

පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ දක්වා ගතවු කාලය තුලදි  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු  තිදෙනෙකුට කොරෝනා වය්රසය ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  වෙනුර කේ.සිංගාරච්චි මහතා විසින් තහවුරු කර ඇත.

මෙම පාසල් දරුවන් බහුතරයට කොරෝනා ආසාදනය වී ඇත්තේ පවුලේ අයෙකුට හා ඥතියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදි බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියලුදෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පවසයි.