රංගජීවට වෙඩි තියන්න ඔත්තු බැලූ ඔත්තුකරු අත්අඩංගුවට

Sri Lanka

පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශයේ  පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවේදී  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සංවිධානාත්මක ලෙස වෙඩි තැබීම සඳහා ඔත්තු සැපයූ සැකකරු වන මොහොමඩ් මායිල් මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පිහිටි ජාත්‍යන්තර පොලිසියේ ඒකකය මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිසියේ ඒකකය වෙත නිල වශයෙන් ඊයේ (10) දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.