ශෂී වීරවංශගෙන් CIDයට පැමිණිල්ලක්

Featured Political Sri Lanka

යම්කිසි පුද්ගලයෙක් සමග තමන් රටින් පිටවී ඇති බවට මේ දිනවල තමන්ට එරෙහිව ඇතැම් පිරිස් සිදුකරන අසත්‍ය මඩ ප්‍රචාර සම්බන්ධව විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ වගකිවයුතු පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය විසින් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.