සමාජ මාධ්‍යයේ හුවමාරුවන වීඩියෝව පිළිබඳව යුද හමුදාවෙන් පැහැදිලි කිරීමක්

Featured Sri Lanka

සමාජ මාධ්‍යයේ හුවමාරුවන නිල ඇදුමින් සැරසුණු යුද හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙකු අතර ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නෙවිල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනයේ දී එහි දෙපාර්ශවයම අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පාර්ශවයන් වෙත යොමු කරන බවත් නීතිගරුක සහ විනය ගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා යුද හමුදාව සෑම අවස්ථාවකදීම සිය නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් එවැනි ක්‍රියා සිදුකරනු ලබන අයවලුන් ගැන දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.