covid 19 update

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි

Coronavirus Featured Sri Lanka

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබීම නිසා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග ගැන දැනුවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානින් වෙත උපදෙස් ලබාදී ඇත.

එම උපදෙස් ලද වහාම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් එතෙක් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වැලකී සිටින්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් දැනුම් දී සිටියි.