මම මීමුරේට එනවා කිව්වම සමාජ ජාල වල හුඟක් දාලා තිබුනා පරිසරය විනාශ කරන්න එනවා කියලා – ජනපති

Featured Sri Lanka

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මීමුරේ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවති “ගම සමග පිළිසඳරක්” වැඩසටහනට සහභාගී උනා. මෙම වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ පුවත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කර සිටියා.

“මම මීමුරේට එනවා කියලා කිව්වාම සමාජ ජාල වල හුඟක් දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඉතින් ඒක සම්පූර්ණ වැරැදියි. මේ ගම ලස්සන පෞරාණික ගමක්. අපට ඕන ගම ලස්සන කරන්න. ගම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන වෙන්න ඕනේ. මම ගමට එන්නේ ගමේ මෙන්ම එහි ජනතාවගේ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති දියත් කිරීමටයි. සමාජ මාධ්‍ය ජාලාවල වැරදි මත ගෙනියනවා” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *