ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් 4 ක් අසමත්

Sports Sri Lanka

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් වී සිටිති. ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක ගුණතිලක ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූ ක්‍රීඩකයෝ වෙති.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති. මෙම යෝග්‍යතා පරීක්‍ෂණයට ක්‍රීඩකයෝ සිව් දෙනෙක් සහභාගි නොවූහ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් විය.