Watch: වසර 10කට පසු ෆුකුෂිමා යලි සෙලවීයයි

World

2011 ෆුකුෂිමා ප්‍රභල භූමිකම්පාවෙන් පසු ජපානයෙන් රිච්ටර් පරිමාණයෙන් 7.1 විශාලත්වයකින් යුත් ප්‍රභල භූමිකම්පාවක් ඊසානදිග ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයෙන් (13) අද දින වාර්තා විය. ඒ ජපානයේ වේලාවෙන් ප.ව 11:08ට පමණ වේ.

2011 ප්‍රභල භූමිකම්පාවෙන් පසු ෆුකුෂිමා න්යෂ්ටික බලාගාරය පුපුරා යාම නිසා විශාල විකිරණ කාන්දුවීමක් සිදුවූ අතර විකිරණශීලී දූෂණය පිළිබඳ සහ සිදුවූ ඛේදජනක තත්වයට මෙම වසරේ 10 වන සංවත්සරය සැමරීමට නියමිතව තිබුණි. ඊට සති 3කට ප්‍රථම මෙම භූමිකම්පාව සිදුවීම විශේෂත්වයකි.

එහෙත් ටෝකියෝ විදුලිබල සමාගම පවසන පරිදි, මෙම භූමිකම්පාවෙන් ෆුකුෂිමා අංක 1 සහ අංක 2 න්‍යෂ්ටික බලාගාර සහ කාෂිවසාකි-කරීවා න්‍යෂ්ටික බලාගාරයට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බවට තහවුරු කර ඇත.

මෙම භූමිකම්පාව ජපාන මිනුම් පරිමාණ අනුව (0-7) උපරිම අගය 6+ ලෙස වාර්තා උවද සුනාමි අනතුරු තර්ජනයක් නිකුත්කර නොමැත.