‘බඩෝවිට අසංකගේ’ ගෝලයෙක් ලක්ෂ 20ක මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට

Featured Sri Lanka

ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන” බඩෝවිට අසංක” නමැත්තාගේ  ප්‍රධානතම ගෝලයෙකු  රුපියල් ලක්ෂ 20කට අධික වටිනා මත්කුඩු තොගයක් සමග පිලියන්දල පැලවත්ත මහල්වරාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 146 ක්  පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (14) කැස්බෑව  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.