නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවරට ජසින්ඩා අගුළු දමයි

Coronavirus Featured World

නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමු වීමත් සමඟ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට අගුළු දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් පියවර ගෙන ඇත.

නවසීලන්තය මාස හයකට පසු අගුළු දැමීම හෙවත් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ පළමු අවස්ථාව මෙය විය. ලක්ෂ පනහකට ආසන්න පිරිසක් ජීවත් වෙන නවසීලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 25 කි.

නව කොරෝනා වයිරසය ඉතා හොඳින් පාලනය කළ රටක් ලෙස නවසීලන්තය ලොව පුරා පිළිගැනීමට ලක්විය. මෙම නව සීමා සමඟ තෙවැනි මට්ටමේ ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වන අතර 14 වෙනිදා රාත්‍රියේ සිට එම සීමා ක්‍රියාත්මක වේ. එම සීමාවලට අනුව අත්‍යවශ්‍ය සේවා හැර පාසල් සහ ව්‍යාපාර ආදී සියල්ල වසා දැමේ.