මුරලි ඇතුළු 12 දෙනෙකුගෙන් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Featured Sports Sri Lanka

ශ්‍රී ලංකා ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත්කරණය කිරිම, ආයතන ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මගින් ඉල්ලා ඇති මුලික කරුණු වේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර ඇත.

මුත්තයියා මුරලිදරන්ට අමතරව හිටපු ක්‍රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි, 1996 දී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, විජය මලලසේකර ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.