ඉබෝලා යළි හිස ඔසවයි

Featured World

2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ තුනක් වාර්තා වේ. ගිනිකොණදිග කළාපයේ නෙසරෝකෝ නගරය ආසන්නයෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර තවත් පස් දෙනකුටද රෝගය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ. අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසක් අතරින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත. 2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව බලධාරීහු පවසති.

චිම්පන්සින්, පළතුරු වවුලන් ඇතුළු ආසාදිත සතුන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් ඉබෝලා රෝගය මිනිසුන්ට ආසාදනය වේ. ආසාදිත රුධිරය, ශාරීරික තරල හෝ අවයව සමග සෘජුව සම්බන්ද වීමෙන් හෝ රෝගකාරක සහිත දූෂිත පරිසරය සමග වක්‍රව සම්බන්ද වීමෙන් එය මිනිසුන් අතර ව්‍යාප්ත වේ. ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු වලින් ද රෝගය බෝවන බව මේ වන විට සොයාගෙන තිබේ.