පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර අවසන් කළ වහාම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් – අමාත්‍ය උදය ගම්මන්පිල

Featured Political Sri Lanka

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර අවසන් කළ වහාම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (16) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ජනාධිපතිතුමාගෙන් විමසූ බවත් එහිදී මෙම වාර්තාවේ පිටපත් සකස් කර අවසන් වීමෙන් පසු විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට කටයුතු කෙරෙන බව පැවසූ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.