රුසියානු විදේශ ඇමතිගෙන් යුරෝපා සංගමයට එරෙහි තදබළ ප්‍රකාශයක්

Political World

යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවහොත් එයට නොබියව මුහුණ දීම සඳහා තම රට සූදානම් බවත් රුසියාව යුධමය වශයෙන් ස්වයංපෝෂිත වන්නා සේම ආර්ථික අතින් ද ස්වයංපෝෂිත වීමේ අරගලයක නිරතව සිටින තම රටේ ආර්ථිකය අනතුරේ හෙළීම අරමුණු කරගෙන යුරෝපා සංගමය රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට උත්සාහ දරන්නේ නම් තම රට එය නොඉවසන බවත් රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පවසයි.

දුෂ්ඨ අරමුණකින් පැනවීමට නියමිත මෙම සම්බාධක වලින් යුරෝපා සංගමයට ද ඇති සෙතක් නොමැති බව පවසන ඔහු තම රටේ සෑම අංශයකම සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වීමට කිසිලෙසකින් කටයුතු නොකරන බව ද අවධාරණය කරයි