ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

Featured Political Sri Lanka

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් අදාළ නඩුවේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා මාර්තු මස 3 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) නියම කළේය.

ශානි අබේසේකර, ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා මෙසේ තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කෙරිණ.