අගමැති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගනී

Featured Political Sri Lanka

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍යතුමා දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අග්‍රාමාත්‍යතුමා ශ්‍රී දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවය.දළදා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී අග්‍රාමාත්‍යතුමා මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමි බැහැදක උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවේය.

ඉන් අනතුරුව අස්ගිරි මහ විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.