වෙලේ සුදා ජූලි 17 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

Featured Sri Lanka

ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාට, ඔහුගේ බිරිඳට හා සහෝදරියට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 17 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විත්තිකාර වෙලේ සුදා එදින අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ද නියම කළේය.

වසර දෙකක කාලයක් තුළ හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.