පාකිස්තාන අගමැති දිවයිනට පැමිණෙයි

Featured Political Sri Lanka

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහා ය.