සජිත් හයිඩ් පිටියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි

Featured Political Sri Lanka

සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ලබන මාර්තු 15 වැනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාරදී තිබේ.