අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න වේවැල් පහරදී දැරියක් මරුට

Featured Sri Lanka

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර පහර කෑ දැරිය මේ වන විට මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසමින් ඇගේ මව විසින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් වෙත ගොස් ඒ සඳහා ප්‍රතිකාර කර තිබේ. එහිදී අදාළ කාන්තාව දැරියගේ සිරුරේ තෙල් ආලේප කර වේවැලකින් පහර දී ඇති අතර දැරිය සිහිසුන්වීම හේතුවෙන් බියගම රෝහලට ඇතුලත් කර ඇත.