දඹුල්ල රෝහලෙන් කොරෝනා ආසාදිතයෙකු පළායයි

Coronavirus Featured Sri Lanka Uncategorized

දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැනගිය කොරෝනා ආසාදිත යාචකයෙකු සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව දඹුල්ල පොලීසිය පවසයි.

දඹුල්ල නගරයේ ඇවිදිමින් සිගමනේ යෙදෙන යුවළක් ඊයේ (28) දින දඹුල්ල රෝහලට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබේ.

එහිදී යුවළට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා සිය බිරිඳ දමා රෝහලෙන් පැනගොස් ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පොලීසියට දැනුම් දී තිබේ.