ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්

Featured Political Sports Sri Lanka

ජවසම්පන්න පරපුරක් උදෙසා “ගමට පිටියක්” ජාතික වැඩසටහන යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාව අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ විය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රට පුරා නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් එක්ව සිටියහ.