වැඩිපුර බඳවාගත් සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදෙයි

Education Featured Political Sri Lanka

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021.03.02 දින පස්වරුවේ උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාලවල අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස්, අග්‍රාමාත්‍ය ලේකම්ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කේ. කපිල සී.කේ පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යසම්පත් අමරතුංග, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහත්වරු සහ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු එක්ව සිටියහ.