කොරෝනා මළ සිරුරු ඉරණතිව් දූපතේ වළ දැමීමට එරෙහිව ඉරණතිව් වැසියන් විරෝධතා

Coronavirus Featured Sri Lanka

කොරෝනා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වළ දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (03) දිනයේ දී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූදානමින් සිටින බවට දූපතේ වැසියන් පවසා සිටිති.

මේ වන විට ඉරණතිව් දූපතේ පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීම මගින් ජනතාවට වයිරසය ජලයට මුසු වී වැළඳීමේ අවදානමක් පවතින බව එම වැසියන් කියා සිටිති.

මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයන් රටේ බොහෝ තිබියදී ඉරණතිව් දූපතේ සිරුරු වළ දැමීමට සියලු දූපත්වාසීන් විරෝධය පල කරන අතරම හෙට දිනයේදී විරෝධතාවක් සංවිධානය කර ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයටද පැමිණිළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ඉරණතිව් වැසියෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *