දීඝවාපිය අරුණ අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

Featured Political Sri Lanka

“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කර්තව්‍යය ලෙස “දීඝවාපී චෛත්‍යය” ප්‍රතිසංස්කරණය කෙරේ.