කොවිඩ් එන්නත ඉතා ආරක්ෂාකාරියි – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Coronavirus Featured Sri Lanka

දැනට කරන ලද පර්යේෂණ වලින් කොවිඩ් 19 වෛරසය සඳහා මෙම ඇස්ට්‍රා සෙනෙකා(Oxford Astra Zeneca) එන්නත ඵලදායී ප්‍රතිඵල පෙන්වන අතරම ආරක්ෂාව සපයන බවත් දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් නව වෛරස් ප්‍රභේදයට මෙම එන්නත කොතරම් දුරට ඵලදායී වේද යන්න මෙතෙක් තහවුරු කරගත් සාක්ෂි නොමැති බවත් මෙතෙක් සොයා ගත් කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයන්ට මෙම එන්නත හරහා බරපතල තත්ත්වයන් ඇති නොවීම හා ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවත් ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

වෛද්‍යතුමා තවදුරටත් පැවසූවේ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ආරක්‍ෂිත බව තහවුරු කිරීමෙන් අනතුරුව ලංකාවට මෙම එන්නත භාවිතය සුදුසු බව තීරණය කර ඇත. චීනයෙන් හා රුසියාවෙන් පමණක් නොව තවත් රටවල් වල ද මෙම එන්නත් විශේෂයන් නිපදවන අතර ලංකාවට එන්නත් ගෙන්වීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රථම වගකීම ලෙස අදාළ එන්නත සම්බන්ධයෙන් එම රටවල් කරන ලද සියලුම පර්යේෂණ සලකා බැලීමෙන් අනතුරුව හා අපේ ජනතාවට ලබා දීමට තරම් ආරක්ෂිතද යන කරුණු සලකා බැලීමෙන් අනතුරුව බවයි.