දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක විද්‍යාගාරයක්

Education Featured Political Sri Lanka

දිඹුලාගල ආරණ්‍ය සේනාස‍නයේ විහාරාධිපති හා ශ්‍රී මහා කාෂ්‍යප මහ පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ඓතිහාසික පුලතිසි පුරවරයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වූ උදුම්බරගිරි හෙවත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත පො/දිඹු/ශ්‍රී මහා කාෂ්‍යප මහා පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලා වෙත පරිගණක ඉගෙනුම් අවස්ථා සැලසීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකයේ මැදිහත් වීම මත පරිගණක 20කින් යුත්, අන්තර්ජාල පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාරයක් ඉතා කෙටි කලකින් ස්ථාපිත කොට දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය වෙත පවරා දීමේ උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.