පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

Featured Political Sri Lanka

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව  වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (10) ආරම්භ කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (9) පාර්ලිමේන්තුවේදී  පැවසීය.

ඉන්පසු තුන්වන සතියේ තවත් දින දෙකක් මෙම විවාදය සඳහා වෙන් කරන බවද සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.