ණය ගැනීමෙන් ඔබ්බට ගොස් රටට ගලා එන විදේශ විනිමය වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක්

Business Featured Political Sri Lanka

ණය ගැනීමෙන් ඔබ්බට ගොස් රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් රජය අනුගමනය කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසි සම්බන්ධ ගැසට් නිවේදනය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නව කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් සෞඛ්‍යයට එල්ල කර තිබෙන බලපෑම හරහා මෙරටට විදේශ විනිමය ගලා ඒම අඩු වූ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා විදේශ විනිමය මෙරටට ලබා ගැනීමට විදේශ ගත වූවන්ට විවිධ ගිණුම් හඳුන්වා දුන් බවත් එම ගිණුම් සඳහා ගෙවන පොළී අනුපාතය සම්බන්ධයෙන් මෙම පනත් ඉදිරිපත් කරන බවද පැහැදිළි කළේය.