VTA ගමින් ගමට වැඩසටහන මාතරදී

Education Featured Political Sri Lanka

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය මල්ඵල ගන්වනු වස් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පවත්වන VTA ගමින් ගමට වැඩසටහන පසුගියදා තලල්ල, හක්මණ සහ වැලිගම යන නගර වලදී පැවැත්වුණා.

මෙමඟින් රැකියා විරහිත තරුණ තරුණියන්ට NVQ සුදුසුකම් සපුරාදී විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ජපානය, ඕස්ට්‍රේලියාව, ජපානය, මැදපෙරදිග රට වලට රැකියාවලට යොමු කිරීම සහ දේශීය රැකියා සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි.

තවද මෙම වැඩසටහන යටතේ ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ ශිල්පීය නිපුණතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වුණි. මෙමඟින් මාතර දිස්ත්‍රික් රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා අවශ්‍යතා සහ වෘත්තීය පුහුණු අවශ්‍යතා රැසක් සම්පූර්ණ වේ.