කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එළිදක්වයි

Business Featured Political Sri Lanka

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම 2021.03.12 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

දැනට කොල්ලුපිටිය වෙළඳපොල පවතින ස්ථානයේ මහල් 39කින් යුතුව නව වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.එහි පළමු, දෙවැනි හා තෙවැනි මහල් මුළුමනින්ම වෙළඳ සංකීර්ණය වෙනුවෙන්වෙන් වේ. අටවැනි මහලේ සිට ඉහළට කුලුනු දෙකක් මත ඉදිවන මහල් 30ක සුපිරි නිවාස සංකීර්ණයකි.

නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ ඊට ඉදිරිපත්වන ආයෝජන සමාගම එක්ව මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරිකසංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර, ඩිසයින් වන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී ධනංජන අමරසේකර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්එක්ව සිටියහ.