පෙරහර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් හිඟය ජනපති අවධානයට

Featured Political Sri Lanka

හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන මහා සංඝරත්නය ගැටළුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කරති.පෙරහර මංගල්‍යය අතීතයේ සිට පැවත එන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයකි.

බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නය සේම රජය ද බැඳී සිටින බව ද උන්වහන්සේ පෙන්වා දෙති. පෙරහර මංගල්‍ය සදහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා මතුව ඇති ගැටළු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.

මහා සංඝරත්නය සහ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.