“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” ග්‍රන්ථය ජනපති ප්‍රධානත්වයෙන් එළි දකී

Education Featured Sri Lanka

“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.


අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ඩබ්.ඒ. පද්මින් සමීර මහතා ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. උත්සවයට පැමිණි ජනාධිපතිතුමා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝහාර දැක්වීය.
පූජ්‍ය වස්කඩුවේ මහින්දවංස හිමියෝ ජනාධිපතිතුමා වෙත ග්‍රන්ථය පිළිගැන්වූහ.
ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණ. වස්කඩුවේ ශ්‍රී සුභූති මහා විහාරයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *