නැගෙනහිර පළාත් පොසොන් උත්සවය මෙවර දීඝවාපියේදී

Featured Sri Lanka

මෙවර නැගෙනහිර පළාත් පොසොන් උත්සවය ආගමිකවතාවත් වලට මුල් තැන දෙමින් දීඝවාපී පුදබිමේදී සැමරීමට කටයුතු යොදා ඇති බව ආරක්‍ෂක ලේකම් හා නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මාර්තු 17 පැවසීය.

නැගෙනහිර පළාත් පොසොන් උත්සවයට සමගාමීව ස්ථූප පරිශ්‍රය‍ කැණීම් වලදී සොයාගන්නා ලද දැනට අම්පාර දිසාපති කාර්යාලයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා හා කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරල් වරයාගේ කාර්යාලයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා ඓතිහාසික දීඝවාපී පුජා භූමියට වැඩමවා බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවද ඔහු තවදුරටත් පැවසීය.

ධාතූන් වහන්සේලා බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් පසු ස්ථූපයේ ප්‍රතිසංස්කරණය කටයුතු නිමවන තෙක් දීඝවාපී පුජා භූමියේ ධාතු මන්දිරය තුළ තැන්පත් කෙරෙනු ඇත. පසුව එම ධාතූන් වහන්සේලා ස්ථූපයේම තැන්පත් කරන බව ඔහු පැවසීය.

පොහොය දින වැඩසටහනට දිවයිනේ ප්‍රසිද්ධ සුමධුර ධර්ම දේශකයන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් ධර්ම සාකච්ඡා මාලාවක් පැවැත්වෙන බව ද ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේය.

දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කටයුතු පිළිබඳව නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න, ස්ථූපයේ පෙර පැවති ශ්‍රී විභූතිය වසර 3 ක් තුළ නැවත ඇති කරන බවට පැවසු අතර, මීට පෙර අවස්ථා කිහිපයක දී ස්ථූපයේ ප්‍රතිසංස්කරණයට ගත් උත්සාහයන් කිහිපයක් නිෂ්ඵල වු බවද සිහිපත් කළේය.

ප්‍රතිසංස්කරණ කටයුතු හුවා දක්වමින් ඔහු කියා සිටියේ “පැමිණෙන බැතිමතුන් සඳහා අංග සම්පූර්ණ විශ්‍රාම ශාලවක් සහ නා, ඇහැල වැනි ගස් වලින් පිරීගිය නිස්කලංක පරිසරයක් ඇති කරනවා”, යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *