ඉදිකිරීම් ආරම්භ කළ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

Featured Political Sri Lanka

පෑලියගොඩ අදියර එක, අදියර දෙක , බ්ලූ මැන්ඩල් ස්ටේඩියම්ගම, ඔරැගොඩවත්ත අදියර එක සහ දෙක යන මධ්‍යම පාන්තික නිවාස යෝජනා වැඩබිම් සහ නිවාස ඒකක 1000කින් යුතුව ඉදිවන බ්‍ලූ මැන්ඩල් අඩු ආදායම් ලාභී නිවාස යෝජනා ක්‍රමය ඉදිකරන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍ර‍ව්‍ය බැහැරලීම හා ප්‍ර‍ජා පවිත්‍ර‍තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගියදා එක්ව සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ නායකත්වයෙන්, නාගරික සංවර්ධන අධිකාරිය මැදි ආදායම් මහල් නිවාස 3000 ක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ව්‍යාපෘතියක් ආරම්භ කළ අවස්ථාවේ සිට අවසන් වන තුරුම විටින් විට පසු විපරම් කිරීමෙන් එය නිසි කලට නිම කර ගැනීමට වැඩි ඉඩක් ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉතාමත් වටිනා භූමිවල ඉදිවන මෙම නිවාස සඳහා අයදුම්පත් කැඳවීම තව සති කිහිපයක් තුළ ආරම්භ කරන්නට සැලසුම් කර තිබේ. රජයේ හා පුද්ගලික අංශයේ තරුණ වෘත්තිකයන්ට තමන් ගෙවන මුදලට ඉතා හොඳ අගයක් ලබාදෙන මෙම නිවාස ව්‍යාපෘති කඩිනමින් ජනතා අයිතියට පත් කිරීම සඳහා මාස 24ක් තුළ වැඩ නිම කරන ලෙසට අදාළ නිලධාරීන්ට අමාත්‍යතුමන් උපදෙස් ලබා දී ඇත.

මෙම වසරේ ජනවාරි මස වැඩ ඇරඹු නිවාස ඒකක 3000කින් සමන්විත මධ්‍යම ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති 10ක වැඩ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින්නේ මෙම අමාත්‍යාංශය මගින් රට පුරා සිදුකෙරෙන තවත් බොහෝ සංවර්ධන ව්‍යාපෘති වලට සමගාමීව වීම ද විශේෂත්වයකි.

තවද ඉදිරියේදී නව ව්‍යාපෘති ගණනාවක්ම රට පුරාම ඇති නගර ආශ්‍රිතව ආරම්භ කිරීමටද සැලසුම් කොට ඇති අතර කොරෝනා උවදුර නිසා සිය ආදායම් මාර්ග අහිමි වූ ⁣ඉදිකිරීම් කේෂ්ත්‍රයට අදාළ සෘජු හා වක්‍ර රැකියා කරන පිරිස් මෙම නව ව්‍යාපෘති හරහා සිය ජීවන මාර්ග නැවත උදාකරගැනීමට ද අවස්ථාව උදා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *