හැම ප්‍රදේශයටම සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා – ජනපති

Featured Political Sri Lanka

ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයනට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

මේ ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී.

මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිතුමා එසේ පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නීරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි. දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසදුම් සෙවීමට, වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *